ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

February 20, 2024

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමඟ ඊයේ (19) පැවති දෙවන විස්සයි විස්ස තරගයේ ලකුණු 72ක විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනා ගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කරනලදි.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 187ක් ලබා ගන්නාලදි.

එමෙන්ම වනිඳු හසරංග විස්සයි විස්ස පිටියේ සිය 100 වන කඩුල්ල ලබාගැනීමට සමත් වීම විශේෂත්වයක්.

පිළිතුරු ඉණිම ක්‍රීඩා ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දුවාර 17ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කරගත්තේ ලකුණු 115ක් පමණි.

ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ආරම්භ කරමින් පැවති ටෙස්ට් තරගයේ ජයත්, එක්දින තරගාවලියේ ජයත් ශ්‍රී ලංකාව හිමිකරගැනීම විශේෂත්වයකි.

t

o

p