පාර්ලිමේන්තුව හෙට රැස්වෙයි

February 19, 2024

මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම දින 03කට සීමා කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබේ.

ඒ අනුව හෙට (20) පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස් වීමට නියමිතයි.

එමෙන්ම ලබන 21 සහ 22 යන දිනවලදී ද පාර්ලිමේන්තුව රැස්වීමටයි තීරණය කර ඇත.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා පැවසුවේ එළඹෙන 23 වැනිදා පොහොය නිවාඩු දිනය යෙදෙන බැවින් එදින පාර්ලිමේන්තුව රැස් නොවන බවයි.

t

o

p