හමුදා බුද්ධි තොරතුරෙන් කෝටි 37ක මැණික් අත්අඩංගුවට

February 8, 2024

නීති විරෝධි අයුරින් විකිණීමට උත්සහ කරන ලද කාකා නිල් මැණික් 2ක් (Sapphire Blue Stone)හමුදා බුද්ධි අංශ ලබාදෙන ලද තොරතුරු මත පදනම්ව කොස්ලන්ද ප්‍රදේශයේ සිදු කරන ලද වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත.

ඒ යුධ හමුදාව සහ කොස්ලන්ද පොළිසිය ඒකාබද්ධව සිදු කරන ලද වැටලීමකදීය.

මෙහිදි අත්අඩංගුවට ගත් මැණික් ගල් රුපියල් කෝටි 37කට අලෙවි කිරීමට සුදානම් කර තිබි ඇති අතර වැටලීමේදී මෙම සිදුවීමට සම්බන්ධව වැලිවේරිය ප්‍රදේශයේ හිමි නමක් ඇතුළුව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් වයස අවු:72ක අනෙක් සැකකරුවකු ප්‍රසිද්ධ දේශපාලන පක්‍ෂයක ප්‍රාදේශිය දේශපාලඥයෙකුගේ පියෙකු බවට වැඩි දුරටත් අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගෙන ඇති මැණික් චෛත්‍යක හැඩයකින් යුක්ත බවට පෙනි යන අතර ඒවා නිධන් වස්තු විනාශ කිරීම මගින් ලබා ගෙන ඇති බවට සැක පල කරන අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ භාණ්ඩ පිළිබද ඉදිරි විමර්ශන කටයුතු කොස්ලන්ද පොළිසිය විසින් සිදු කරනු ලබයි.

t

o

p