ළමයින්ට හා කාන්තාවන්ට පොදු ප්‍රවාහන සේවාවලදී සිදුවන ලිංගික හිංසනයන් මැඩපැවැත්වීමට ඊයේ(07) සිට ඇරඹි විශේෂ මෙහෙයුමේ දී සැකකරුවන් 42 දෙනෙකු ලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පිරිස අතර ලිංගික අතවර චෝදනා එල්ල වූ සැකකරුවන් 18 දෙනෙකු සහ පික්පොකට් කරුවන් 5 දෙනෙකු ද වේ.
පොදු ප්‍රවාහන සේවා වලදී ළමයින්ට හා කාන්තාවන්ට විවිධ ලිංගික හිංසනයන් සිදුවන බවට දෛනිකව පොලිස් ස්ථාන වලට වාර්තාවන පැමිණිලි සැලකිල්ලට ගනිමින් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි ඊයේ දිවයින පුරා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරනු ලැබීය.