තායි ජාත්‍යන්තර ගුවන් සේවය මාර්තු අග සිට

February 3, 2024

තායි ජාත්‍යන්තර ගුවන් සේවය මාර්තු මස අග සිට තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර දෛනික ගුවන් ගමන් සේවා ආරම්භ කරන බව තායිලන්ත අග්‍රාමාත්‍ය ශ්‍රෙත්ථා තවීසින් මහතා පැවසීය.

දෙරට අතර සංචාරක, ධීවර, කෘෂිකර්ම සහ වෙළෙඳ යන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව සඳහා කැපවන බවත් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවට එක්වෙමින් තායිලන්ත අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

දෙරට අතර සබඳතා තවදුරටත් වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින් මෙම පියවර ගන්නා බව තායිලන්ත අග්‍රාමාත්‍යවරයා කීය.

t

o

p