පූනම් පාණ්ඩේ ජීවතුන් අතර

February 3, 2024

ගැබ්ගෙල පිළිකාවකින් මිය ගිය බව කියූ බොලිවුඩ් රංගන ශිල්පිණියක් සහ නිරූපිකාවක් වූ පූනම් පාණ්ඩේ මියගොස් නොමැති බව වාර්තා වෙයි.

පූනම් පාණ්ඩේ සිය නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුමට පණිවුඩයක් එක්කරමින් අද (03) සඳහන් කළේ ගැබ්ගෙල පිළිකාවක් හේතුවෙන් තමා මියගොස් නොමැති බවයි.

ඇය සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ තමන් මිය නොගිය බවට මෙලෙස ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නේ, ඇය මියගිය බවට ඇයගේ කළමනාකරු විසින් ප්‍රකාශයට පත්කර දිනකට පසුවයි.

t

o

p