පාන් ගෙඩියට නියමිත බරක් නියම කෙරේ

February 2, 2024

පාන් ගෙඩියක් සහ පාන් භාගයක් සඳහා නියමිත බරක් සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ, පාරිභෝගික කටයුතු අධිකාරිය විසින්.

එම නිවේදනයට අනුව පාන් ගෙඩියක නියමිත බර ග්‍රෑම් 450ක් විය යුතු අතර එහි වෙනස්වීම ග්‍රෑම් 13.5ක් විය හැකියි.

එමෙන්ම පාන් භාගයක නියමිත බර ග්‍රෑම් 225ක් විය යුතු අතර එහි වෙසන්වීම ග්‍රෑම් 09කට නොවැඩි විය යුතු බව එහි සඳහන්.

t

o

p