ලෝකප්‍රකට මොනාලිසා සිතුවමට සුප් ප්‍රහාරයක්

January 30, 2024

ලියනාඩෝ ඩාවින්චි අතින් සිත්තම් කළ ලෝ ප්‍රකට මොනාලිසා සිතුවමට කාන්තාවන් දෙදෙනෙක් සුප් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

කෙසේ නමුත් ප්‍රංශ මාධ්‍ය වාර්තා කළේ, වෙඩි නොවදින වීදුරුවකින් එය ආවරණය කර තිබෙන නිසා සිතුවමට හානියක් වී නොමැති බවයි.

සිතුවමට මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ විරෝධතාවක නිරත වූ කාන්තාවන් දෙදෙනෙකු විසින්.

විදෙස් මාධ්‍ය පවසන්නේ අදාළ කාන්තාවන් දෙදෙනා එරට කෘෂිකාර්මික පද්ධතිය දුර්වල බවටත්, ජනතාවට සෞඛ්‍යාරක්ෂිත ආහාර නොලැබෙන බවටත් චෝදනා කරමින් විරෝධතා කර ඇති බවයි.

එම සුප් ප්‍රහාරයෙන් පසු සිතුවම ඉදිරිපිට විරෝධතා දක්වමින් ඔවුන් පවසා ඇත්තේ වඩා වැදගත් වන්නේ කලාව ද? නැත්නම් සෞඛ්‍ය සම්පන්න ආහාර සඳහා ඇති අයිතිය ද යන්නයි.

t

o

p