සියලුම රාජ්‍ය ආයතන වලට නිවේදනයක්

January 30, 2024

දිවයිනේ සියලුම රාජ්‍ය ආයතන පෙබරවාරි 28 හෝ ඊට පෙර තම වාර්ෂික මූල්‍ය ප්‍රකාශන ලබාදිය යුතු බව විගණකාධිපතිවරයා දැනුම් දී තිබේ.
විගණකාධිපති ඩබ්ලිව්. පී. සී. වික්‍රමරත්න මහතා පැවසුවේ, ඉන් පසු වාර්ෂික මූල්‍ය ප්‍රකාශන වාර්තාව සමග පළ කිරීම සඳහා වන විගණකාධිපතිගේ සාරාංශගත වාර්තාව ඒ ඒ ආයතන වෙත ලබා දෙන බවයි.

අදාළ විගණන කටයුතු සඳහා මාස 3ක කාලයක් ප්‍රමාණවත් බව ද විගණකාධිපතිවරයා පැවසීය.

මැයි 31 වැනි දාට පෙර වාර්ෂික මූල්‍ය ප්‍රකාශන වාර්තාව සමග පළ කිරීම සඳහා වන විගණකාධිපතිගේ සාරාංශගත වාර්තාව නිකුත් කරේ.

t

o

p