පුහුණුකරුවෙක් නැති නිසා වැසී යන වඩු පාසල

January 26, 2024

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ එකම වඩු පාසල පිහිටුවන්නේ ඇලහැර සියඹලාව ප්‍රදේශයේයි. වසර දෙකක් තිස්සේ වඩු කාර්මික පුහුණුකරුවෙකු අනියුක්ත නොවුණු මෙම වඩු පාසල අද වන විට වැසී ගොස් ඇතැයි වාර්තා වෙයි.

මෙම වඩු පාසල 1980 වර්ෂයේදී උතුරු මැද පළාත් සභාව මඟින් වඩු කාර්මිකයන් පුහුණු කිරීමේ සහ සහතික පත් ලබා දීමේ පුහුණු මධ්‍යස්ථානයක් ලෙස ආරම්භ කෙරුණි.

2022 වර්ෂයේදී මෙය ප්‍රතිසංස්කරණය කළද අද වන විට මෙම වඩු පාසල වල් බිහි වී විනාශ වී ගොස් තිබේ.

ඊට හේතුව වසර දෙකක පමණ සිට වඩු කාර්මික පුහුණුකරුවෙක් මෙම ආයතනය සඳහා අනියුක්ත නොකිරීමයි.

t

o

p