මීනගයා දුම්රියේ ආපනශාලාව අධිකරණ නියෝගයෙන් සීල් පිට කොළඹට

January 25, 2024

මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වන මීනගයා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියේ ආපනශාලා මැදිරිය අධිකරණ නියෝගයක් මත තාවකාලිකව 2024 පෙබරවාරි මස 08 වන දින දක්වා මුද්‍රා තැබීමට කටයුතු කොට ඇත.

2024 ජනවාරී මස 22 වන දින දින මඩකලපුව මහජන පරික්ෂකතුමා ඇතුළු කණඩායමක් එම දුම්රියේ ආපනශාලාව හදිසි පරීක්ෂාවකට ලක් කොට ඇත. එහිදී එම ආපනශාලාව අපිරිසිදු ලෙස පවත්වාගෙන යන බවට එම කණ්ඩායම වෙත නිරීක්ෂණය වී ඇත. මීට පෙර ද මේ පිලිබඳව එම ආපනශාලාව වෙත පිරිසිදුකම නිසි ලෙස පවත්වාගෙන යන ලෙස උපදෙස් ලබා දී තිබුණ ද එය එසේ පවත්වාගෙන යාමට ඔවුන් කටයුතු නොකිරීම මත මේ පිලිබඳව ගරු අධිකරණ වෙත පැමිණිලි කොට ඇත.

ඒ අනුව ඒ පැමිණිල්ල අද දින මඩකලපුව මහෙස්ත්‍රාත්තුමා හමුවේ පැමිණිල්ල විභාගය කල අතර , එහිදි ගරු මහෙස්ත්‍රාත්තුමා නියෝග කොට ඇත්තේ මෙම මැදිරියේ ඇති ආපනශාලා පෙබරවාරි මස 08 වන දක්වා මුද්‍රා තබන ලෙසය.

ඒ අනුව 2024 ජනවාරී මස 24 වන දින මඩකලපුව දුම්රිය ස්ථානයේ දී මීනගයා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියේ ආපනශාලාව මුද්‍රා තැබීමට කටයුතු කල අතර එම දුම්රිය මඩකලපුව දුම්රිය ස්ථානයෙන් ඊයේ රාත්‍රී නියමිත වේලාව වන 08.15 පිටත් විය.

t

o

p