ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ රජය විසින් යෝජිත ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පතට සහය පළ කර තිබේ.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජපක්ෂ මන්ත්‍රීවරයා කියා සිටියේ ශ්‍රී ලංකාව තුළ සමාජ මාධ්‍ය යම් ප්‍රමාණයකට නියාමනය කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අදහස බවයි.
“පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම කෙරෙහි අප අවධානය යොමු කළ යුතුයි. ඒ නිසා මේ සම්බන්ධයෙන් නීති කි‍්‍රයාත්මක කිරීම අත්‍යාවශ්‍යයි,” ඔහු පැවසීය.
සමාජ මාධ්‍යවල හුවමාරු වන තොරතුරු, ප්‍රවෘත්ති හෝ පළ කිරීම් සම්බන්ධයෙන් වගකියන ඕනෑම පුද්ගලයෙකු අන්තර්ජාල ආරක්ෂණ පනත් කෙටුම්පතට බිය වීමට හේතුවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජපක්ෂ වැඩිදුරටත් පෙන්වා දුන්නා.
විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතුළු සියලුම මන්ත්‍රීවරුන් පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ද හිටපු අමාත්‍යවරයා සඳහන් කළේය.
යෝජිත ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත හෙට ( 24) පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට අපේක්ෂා කෙරේ.