අද දින මල්වතුහිරිපිටිය පොලිස් වසමේ කහටාන ගණාරාම මහා විහාරස්ථානය තුළ කලපලුවාවේ ධම්මරතන හිමි (අවු.45) T-56 වැනි අවියකින් වෙඩි උණ්ඩ දෙකක් තබා CAO-5345 honda දම්පාට කාර් රථයෙන් සැකකරුවන් හතරක් පළා ගොස් ඇත. වෙඩි වැදුණු හිමිනම ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අපවත් වී ඇත.
මෙම වෙඩික්කරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ යැයි සඳහන් කරමින්, මත්ද්‍රව්‍ය ඇත්දැයි හිමිනමව පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පවසා මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.