VAT ගෙවන ආයතනවලට දැනුම්දීමක්

January 18, 2024

එකතු කළ අගය මත බද්ද හෙවත් VAT බදු පාරිභෝගිකයන්ගෙන් අය කරන්නේ නම්, වැට් බදු ලියාපදිංචි සහතිකය සැමට පෙනෙන පරිදි තම වෙළඳසැල හෝ ආයතනය තුළ ප්‍රදර්ශනය කළ යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

වැට් බදු ලියාපදිංචි අංකය ප්‍රදර්ශනය නොකරන්නේ නම්, එසේ නොකරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බාධාවක් නොමැති බවද ඔහු සඳහන් කරයි.

එමෙන්ම VAT සඳහා වසරකට මෙරට මිලියන 80ක වාර්ෂික පිරිවැටුමක් සහිත ආයතන මේ සඳහා ලියාපදිංචි විය යුතු බවයි අමාත්‍යවරයා පැවසුවේ.

t

o

p