ජනපති සහ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා අතර හමුවක්

January 17, 2024

ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුව අතරතුර දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී, ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය අතර හමුවක් සිදු ව තිබේ.

ඇය ඒ සම්බන්ධයෙන් තොරතුරු සිය X ගිණුමෙහි සඳහන් කර තිබුණාය​.

එහි දැක්වෙන්නේ, ශ්‍රී ලංකාව සිදු කළ ආර්ථික ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵල ලැබෙමින් ඇති බවයි.

එසේම​, විස්තීර්ණ ණය අරමුදල ට අදාළ පළමු සමාලෝචනය ට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය අනුමැතිය ලබා දුන්නේ එම ප්‍රතිසංස්කරණවල වැදගත්කමට ප්‍රතිචාර වශයෙන් බව ඇය සඳහන් කර තිබේ.

t

o

p