ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් අද (10) රාත්‍රි දිවයිනට පැමිණීමට නියමිත බව මුදල් අමාත්‍යාංශය පවසයි.
එම අමාත්‍යංශය සඳහන් කළේ හෙට (11) සිට ලබන 17 වැනි දා දක්වා ඔවුන් මෙරට රැඳී සිටින බවයි.
මෙරට ආර්ථිකයේ මෑත කාලීන ප්‍රවණතා පිළිබඳ අධ්‍යයනය කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින්ගේ මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වේ.