යාල වනෝද්‍යානයේ පිවිසුමක් යළි දැනුම්දෙන තෙක් වැසේ

January 9, 2024

යාල වනෝද්‍යානයේ පලටුපාන පිවිසුම නැවත දැනුම්දෙන තෙක් වසා දමා තිබේ.

ඒ පවතින දැඩි වර්ෂාපතනය හමුවේ පිවිසුම් මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන්.

පලටුපාන පිවිසුම වසා දැමුණ ද කටගමුව පිවිසුමෙන් තවදුරටත් යාල වනෝද්‍යානයට ඇතුලු වීමට සංචාරකයන්ට අවස්ථාව පවතියි.

යාල වනෝද්‍යානයේ කලාප අංක 1ට පිවිසුම් මාර්ග අවහිර වී තිබුණ ද කලාප අංක 4, 5 සහ 6 ට සංචාරකයන්ට ගමන් කළ හැකියි.

t

o

p