ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් දේශපාලන පක්ෂ ඉදිරිපත් කරන ප්රතිපත්ති ප්රකාශන වල පොදු රාමුවක් සකස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇතැයි, පැෆරල් සංවිධානය පවසයි.
එහි විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, දේශපාලන පක්ෂ ඊට අදාළ යෝජනා ද ඉදිරිපත් කර ඇති බවයි.
ලබන ඔක්තෝබර් මස 17 වැනිදාට පෙර ජනාධිපතිවරණය අනිවාර්යයෙන් පැවැත්විය යුතු බව ද ඔහු අවධාරණය කළේ ය.
ඉදිරි මැතිවරණයේදී පළමු වතාවට ඡන්දය ලබාදෙන ඡන්ද දායකයින් ඉලක්ක කර ගනිමින් මේ වන විට දැනුවත් කිරීමේ වැඩසටහනක් මැතිවරණ කොමිශන් සභාව සමග ඒකාබද්ධව සිදු කරමින් පවතින බව ද, රෝහණ හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.