ජීවන බර 75%කින් අඩු කරන බව වෙළඳ ඇමති කියයි

January 4, 2024

වසරේ පළමු කාර්තුව අවසන් වන විට ජනතාව මත පැටවෙන ජීවන බර 75%කින් සැලකිය යුතු ලෙස අඩු කිරීමට හැකි වනු ඇති බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි. 

2024 ධනාත්මක ආර්ථික වර්ධන වේගයකින් ආරම්භ කිරීම මෙම ධනාත්මක ඉදිරි දැක්මට හේතු වූ බවයි අමාත්‍යවරයා පැවසුවේ. 

පාරිභෝගිකයින්ට වැඩි ආරක්ෂාවක් සැලසීමේ අරමුණින් පාරිභෝගික අධිකාරියට නව වැඩපිළිවෙලක් හඳුන්වා දෙමින් පාරිභෝගික අයිතීන් ඉහළ නැංවීමට කැපවන බව ද ඔහු සඳහන් කරයි. 

t

o

p