විදේශිය දුමිවැටි සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

January 3, 2024

විශේෂ කාර්ය බලකාය රත්ගම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි හම්බන්තොට කලාපය බාර පොලිස් අධිකාරී නිශාන්ත සිල්වා මහතාගේ අධීක්ෂණයෙන් රත්ගම කඳවුරේ කඳවුර අණදෙන නිලධාරි පොලිස් පරික්ෂක එමි.එස්. ඊබ්‍රහිමි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් ගාල්ල වරාය පොලිස් වසමේ මාගල්ල එමි.එස්.පි සර්ප් පොයින්ටි හිදී වැටලීමක් සිදුකර ඇත.

එහි දී තිරු බදු නොගෙවා ආනයනය කරන ලද විදේශිය දුමිවැටි 1,500ක් සන්තකයේ තබාගනිමින් ජවාරම් සිදුකල ගාල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 52 පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගාල්ල වරාය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

t

o

p