ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වෙනසක්

January 3, 2024

සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 17කගේ සංචිතයක් නම්කර තිබේ.

එහි මූලික සංචිතය පසුගියදා නම්කළ අතර ඊට ක්‍රීඩකයින් 21 දෙනෙකු ඇතුළත් විය.

එම සංචිතයේ සිටි කමිඳු මෙන්ඩිස්, චාමික කරුණාරත්න, අසිත ප්‍රනාන්දු සහ චාමික ගුණසේකර අවසන් සංචිතය සඳහා නම්කර නොමැත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග මේ බව පැවසීය.

කුසල් මෙන්ඩිස් (නායක)
චරිත් අසලංක (උප නායක)
පැතුම් නිස්සංක
අවිශ්ක ප්‍රනාන්දු
සදීර සමරවික්‍රම
සහන් ආරච්චිගේ
නුවනිඳු ප්‍රනාන්දු
දසුන් ශානක
ජනිත් ලියනගේ
මහීෂ් තීක්ෂණ
ඩිල්ශාන් මධුශංක
දුෂ්මන්ත චමීර
දුනිත් වෙල්ලාලගේ
ප්‍රමෝද් මදුශාන්
ජෙෆ්රි වැන්ඩර්සේ
අකිල ධනංජය

t

o

p