ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට දේශීය තරග ක්‍රීඩා කිරීමට සිය ක්‍රීඩා සමාජය වන SSC ක්‍රීඩා සමාජය අවසර ලබාදී තිබේ.
ඔස්ට්‍රේලියාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුරදී කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට ලක්වී නිදොස් කොට නිදහස් කෙරුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට පනවා තිබු ක්‍රිකට් තහනම ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා කටයුතු කළේය.
නමුත් ඔහුට ක්‍රිකට් තරගාවලි වෙනුවෙන් ක්‍රීඩා කිරීමට අවස්ථාවක් හිමිනොවුයේ දේශීය තරග ක්‍රීඩා කිරීමට සිය ක්‍රීඩා සමාජය වන SSC ක්‍රීඩා සමාජය ඔහුට පනවා තිබු තහනම ඉවත් නොකළ නිසාය.