ගාසා තීරයේ වැසියන්ට ඊශ්‍රායලය අනතුරු අඟවයි

December 22, 2023

ගාසා තීරයේ කාන් යුනිස් ප්‍රදේශයේ අවතැන් වී සිටින 140,000ක් පමණ වන වැසියන්ට වහාම ඉවත්වන ලෙස ඊශ්‍රායලය විසින් දැනුම් දී ඇත.

ගාසා තීරයේ එම ප්‍රදේශයට මිසයිල ප්‍රහාර එල්ල කිරීමට පෙර සිදුකරන අනතුරු ඇගවීමක් ලෙස එහි සිටින සියලු වැසියන්ට ඉවත්වන ලෙස දැනුම් දී ඇත.

ඊශ්‍රායලය සිදුකළ ප්‍රහාර හේතුවෙන් ගාසාහි වැසියන් 20,000කට වැඩි පිරිසක් මියගොස් ඇති බවත් එම පිරිස අතර කාන්තාවන් 6,200ක් සහ දරුවන් 8,000ක් වන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

t

o

p