අයහපත් කාලගුණයෙන් උතුරේ පිරිසක් අවතැන් වෙයි

December 18, 2023

අයහපත් කාලගුණයෙන් උතුරු පළාතේ නවදහසකට අධික පිරිසක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

උතුරු නැගෙනහිර මෝසම් වර්ෂාව සක්‍රියවීමත් සමඟ ගෙවුණු පැය 24දීත් එම පළාත්වලට තද වැසි ඇදහැලුණි.

මේ අතර පදවිය ජලාශය වාන් දැමීම නිසා මොරඔය සහ වැලිඇළ පිටාරයාමෙන් වෙහෙරතැන්න, බෝගස්වැව, සැළලිහිණිගම, නාමල්වැව, නන්දිමිත්‍රගම ප්‍රදේශවල ජනතාව දැඩි පීඩාවට පත්ව සිටියි.

මේ අතර සෝමාවතිය පුදබිමට පිවිසෙන මාර්ගය ජලගැලීම්වලින් අවහිර වී ඇති බැවින් වන්දනාගමන් නොපැමිණෙන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දී තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරන්නේ දිවයිනේ ප්‍රදේශ බොහෝමයකට තවදුරටත් වැසි ඇතිවිය හැකි බවයි.

t

o

p