තීරු බදු නොගෙවා ගුවන් තොටුපොළෙන් පිට කළ සන්නිවේදන උපකරණ අත්අඩංගුවට

December 13, 2023

තීරු බදු නොගෙවා රැගෙන ආ ලැප්ටොප්, ජංගම දුරකථන ඇතුලු උපකරණ තොගයක් නීති විරෝධීව කටුනායක ගුවන්තොටුපලින් පිටතට රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

රුපියල් කෝටියක් වටිනා ලැප්ටොප් පරිගණක, ජංගම දුරකථන සහ උපාංග ඇතුළු විද්‍යුත් සන්නිවේදන උපකරණ තොගය සැකකරුවන් දෙදෙනා තීරු බදු නොගෙවා රැගෙන විත් ඇති අතර ඒවා ගුවන් තොටුපළින් පිටතට ගෙන යමින් සිටියදීයි ගුවන් තොටුපොළ පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.

මෙලෙස නීතිවිරෝධීව රැගෙන විත් තිබූ විද්‍යුත් සන්නිවේදන උපකරණ අතර ලැප්ටොප් පරිගණක 17ක්, ඇපල් ජංගම දුරකථන 47ක්, ලීටර් 01 විස්කි බෝතල් 22ක්, ජේ.බී.එල්. සංගීත උපකරණ 03ක්, ඇපල් ජංගම දුරකථන චාජර් 200ක්, රැහැන් රහිත මයික්‍රොපෝන් 03ක්, ආරක්ෂිත වර්ණ කැමරා පද්ධති 08ක්, ඇපල් ජංගම දුරකථන උපාංග 55ක් සහ ඇපල් ජංගම දුරකථන බැටරි 39ක් තිබූ බව සඳහන් වෙයි.

t

o

p