පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් සිදුවෙන ජාවාරමක් හෙළි වෙයි

December 11, 2023

පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් පසුගිය දින කිහිපය පුරා පාසල් ළමුන් ඉලක්ක කර මත් පෙති හා කරල් විකුණන ජාවාරම්කරුවන් රැසක් අත්අඩංගුවට ගන්නාලදි.

ඒ සම්බන්ධයෙන් තොරතුරු සොයාබැලීමේ දී අනාවරණය වූයේ වැඩි වශයෙන් කොළඹින් දුර බැහැර අනුරාධපුර ආදී නගරවල මත් පෙති හා මත්කරල් ජාවාරමට වැඩි වශයෙන් පාසල් සිසු සිසුවියන් ඇබ්බැහි වී ඇති බවයි.

ඒ අනුව අනුරාධපුර, 04 කණුව අසල සිදුකළ වැටලීමකදී පාසල් දරුවන්ට මත් කරල් අලෙවි කළ පුද්ගලයන් දෙදෙනෙකු අත්තංගුවට ගෙන ඇත.

මේ අතර, අනුරාධපුර යුද හමුදා බුද්ධි අංශ නිලදාරීන් ලබාදුන් තොරතුරු මත මත්පෙති දහසක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට පත්විය.

එම පුද්ගලයා අදාළ මත්පෙති තොග රැගෙන තිබුනේ අනුරාධපුර නගරයේ ප්‍රසිද්ධ ඔසුසලකින් බවට වාර්තා විය.

කෙසේ වෙතත්, ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු පවසන්නේ අනුරාධපුර නගරයේ පාසල් සිසුවියන් ඉලක්ක කර පවත්වාගෙන යන මෙම මත් පෙති හා මත් කරල් ජාවාරම හරහා දැරියන් දැඩි අනාරක්ෂිත භාවයකට පත්ව ඇති බවත් මත් පෙති ලබා ගැනීමට මුදල් සොයා ගැනීම සඳහා පාසල් තුළ දී ම සිසුවියන් විසින් පිරිමි දරුවන්ට තම ලිංගික අවයව ස්පර්ශ කිරීමට ඉඩ දී මුදල් ලබාගැනීමට පෙළඹී ඇති බවත් ය.

t

o

p