බදුල්ල – බණ්ඩාරවෙල මාර්ගයේ කොටසක් බර වාහනවලට වැසේ

December 10, 2023

පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ බදුල්ල – බණ්ඩාරවෙල මාර්ගයේ කොටසක් බර වාහන ධාවනය නවතා දැමීමට පියවර ගෙන තිබේ.

එම මාර්ගයේ හාලිඇල, උඩුවර ප්‍රදේශයේ (09) සිදුවූ නායයෑමත් සමඟ එම කොටසේ මෙලෙස බර වාහන ධාවනය නවතා දමා ඇති බවයි වාර්තා වන්නේ.

බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ ලේකම් මේජර් සුදර්ශන දෙනිපිටිය සහ බදුල්ල දිස්ත්‍රික් ලේකම් ශ්‍රී ප්‍රභාත් අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද (10) පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.

t

o

p