මහව – අනුරාධපුර අතර දුම්රිය මාස හයකට නවතී

December 9, 2023

උතුර දුම්රිය මාර්ගයේ මහව සහ ඕමන්තේ අතර දුම්රිය මාර්ගය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ මහව සිට අනුරාධපුර දක්වා මාර්ග කොටස නවීකරණය කිරීම වෙනුවෙන් එම දුම්රිය මාර්ගය ලබන ජනවාරි මස 7 වැනිදා සිට මාස 6 ක කාලයකට වසා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

ඒ අනුව එම කාලය තුළ කොළඹ සිට මහව දක්වා සහ අනුරාධපුර සිට කන්කසන්තුරේ දක්වා පමණක් දෙපසට දුම්රිය ධාවනය වන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

t

o

p