අබුඩාබි සිට කටුනායක අතර අඩු වියදම් ගුවන් සේවයක්

December 9, 2023

අබුඩාබි සිට කටුනායක අතර අඩු වියදම් නව ගුවන් සේවයක් ඊයේ (08) දිනයේ සිට ආරම්භ කරන ලදි.

ඒ, අනුව ගුවන් මගීන් 158 දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 08 දෙනෙකුගෙන් සමන්විත එයාර් ඇරේබියා ගුවන් සේවයේ 3 එල් – 197 දරණ ගුවන් යානය අබුඩාබි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ (08) රාත්‍රී 08.00ට පැමිණෙන ලදි.

මෙම ගුවන් සේවයේ ගුවන් යානා සතියේ සෑම බදාදා, සිකුරාදා සහ ඉරිදා යන දිනයනවල දී අබුඩාබි සිට කටුනායක දක්වා පැමිණීමට නියමිතයි.

එම ගුවන් යානා යළිත් රාත්‍රී 08.30ට කටුනායක ගුවන් තොටුපොළෙන් අබුඩාබි බලා පිටත්ව යාමට නියමිත බවයි ගුවන් තොටුපොළ වාර්තා සඳහන් කළේ.

t

o

p