වසර තුනහමාරකට පසු ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ මිල පහළට

December 6, 2023

මෙරටට ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ ආනයනය වසර තුනහමාරක් අත්හිටුවලා තිබුණු බවත් වසර තුනහමාරකට පසු ගිය මාසයේ සිට ආනයන සීමා ලිහිල් කර නැවතත් ආනයනය කිරීමට අවස්ථාව ලබාදුන් බව ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය සදහන් කරයි.

ඒ අනුව ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩවල ආනයන සීමා ලිහිල් කිරීමත් සමඟ ඒ ආශ්‍රිත නිෂ්පාදනවල මිල ගණන් ශීඝ්‍ර ලෙස පහළ යමින් පවතින බවද ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් ශාමින්ද්‍ර ගුණසේකර සදහන් කරයි.

මෙම කේෂත්‍රය සඳහා තවදුරටත් බදු පැනවීමක් සිදු නොකළ යුතු බවත් එසේ වුවහොත් ටයිල් කැටයක මිල යළිත් රුපියල් 100 කින් ඉහළ යන බවද ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් ශාමින්ද්‍ර ගුණසේකර සදහන් කරයි.

t

o

p