ලියාපදිංචි නොවූ රියැදුරු උපදේශන ආයතන 1500ක් පමණ රට පුරා ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී අශෝක් අබේසිංහ පාර්ලිමේන්තුවේදී ඊයේ (නොවැ.29) ප්රකාශ කළේය.
ලියාපදිංචි එවැනි ආයතන ඇත්තේ 700ක් පමණක් යැයි ද මන්ත්රීවරයා පැවසීය.
රට තුළ රියැදුරු උපදේශකයන්ගේ පුරප්පාඩු රැසක් පවතින බවට වාර්තා වී ඇතැයි අබේසිංහ මන්ත්රීවරයා කීය. රට තුළ මෝටර් රථ පරීක්ෂකවරු 148ක් සිටිය යුතු නමුත් මේ වනවිට සිටින්නේ පරීක්ෂකයන් 107ක් පමණක් බව ද මන්ත්රීවරයා පැවසීය.