වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත් කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම කොට්ඨාසය සඳහන් කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට පැවරී ඇති බලතල ප්‍රකාරව (නොවැ. 29) සිට මාස 3ක කාලයක් සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අදාළ තනතුර සඳහා පත් කර ඇති බව ය.
ඒ අනුව, ඔහු ඉදිරියේදී සිය ධූරයේ වැඩ භාර ගනු ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් පැවසීය.