විභාගය සමත් රැසකට ග්‍රාම නිලධාරි පත්වීම්

November 27, 2023

ග්‍රාම නිලධාරි විභාගය සමත් 2,238ක් ලබන පෙබරවාරි 04 දිනට පෙර බඳවා ගන්නා බව ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත මහතා පවසයි.

2021 වසරේ අයදුම්පත් යොමුකළ සුදුසුකම්ලත් අපේක්ෂකයන් සඳහා දෙසැම්බර් 02 වැනිදා විභාග දෙපාර්තමේන්තුව විසින් විභාගය පවත්වන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

ග්‍රාම නිලධාරීන් සේවා ව්‍යවස්ථාව ඉතා කඩිනමින් සකස් කර එම නිලධාරීන්ගේ පවතින ගැටලු නිරාකරණය කරදීමට අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා තමාට උපදෙස් දුන් බව ද ඔහු කියා සිටියි.

t

o

p