2023 දී ඩොලර් බිලියන 1.5ක සෘජු විදෙස් ආයෝජන

November 25, 2023

ජාත්‍යන්තර හා දේශීය පසුබෑම් මධ්‍යයේ වුවද ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඇමරිකානු ඩොලර් බිලියන 1.8 ක වටිනාකමින් යුත් ආයෝජන ආකර්ෂණය කොට ගෙන ඇති අතර ඉන් බිලියන 1.5ක් සෘජු විදේශ ආයෝජන වේ.

2023 ජනවාරි 01 දා සිට 2023 නොවැම්බර් 23 දක්වා කාලය තුල ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අනුමත හා ලියාපදිංචි ව්‍යාපෘතිවල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 1.8 දක්වා ඉහල නංවා ගැනිමට සමත්ව ඇත. මෙහිදී වඩාත් කැපී පෙනෙන සාධකය වන්නේ පෙර වසරට සාපේක්ෂව විදේශ ආයෝජන ව්‍යාපෘති අත්පත් කර ගැනීම 122%ක වර්ධනයක් අත් කර ගැනීමයි. එහෙත් පසුගිය වසරට සාපේක්ෂව දේශීය ආයෝජනයන්හි මන්දගාමීත්වයක් පෙන්නුම් කරයි.

මෙම වසරේ මෙරට බලශක්ති කේෂ්ත්‍රයේ දිශානතිය නව මගකට යොමු කරවන නව ව්‍යාපෘති කිහිපයකට අනුමැතිය ලබා දීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට හැකි විය. බලශක්ති ක්ෂේත්රයේ ආයෝජනයේ ඉහළ වටිනාකම ඇති Adani Corporation, Sinopec, RM Parks – (Shell සමග) වැනි ආයෝජන ව්‍යාපෘති ඉදිරියේදී මෙරට බලශක්ති අංශයේ කැපී වෙනසට ලක් කරනු ඇත.

මීට අමතරව සංචාරක,තොරතුරු තාක්ෂණ, සන්නිවේදන,සහ නිෂ්පාදන යන කේෂ්‍ත්‍රවලද කැපි පෙනෙන ආයෝජනයන් දක්නට ලැබේ.

චීනය, ඉන්දියාව, එක්සත් ජනපදය, හොංකොං, එක්සත් අරාබි එමිර් රාජ්‍යය, ප්‍රංශය, කොරියාව, ජර්මනිය සහ සිංගප්පූරුව වැනි රටවල් 2023 මෙම කාල සීමාව තුළ ආයෝජනය කරන රටවල් වේ.

මෙම අදහස් පළ වූයේ අද (24) කොළඹ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ පැවති මෙම වසරේ ආයෝජන ව්‍යාපෘති ක්‍රියාවට නැංවූ ආයෝජකයින් ඇගැයීම වෙනුවෙන් පැවැති වැඩසටහනකදිය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා එම් වීරකෝන්, අධ්‍යක්ෂ රංජිත් ධර්මසිරි, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධක්ෂිකා ගංඟා පලකැටිය යන මහත්ම මහත්මීන්ද සහභාගි වූහ.

t

o

p