තීරුබදු නැතුව හොරෙන් ගෙනා කෝටි ගණනක දුම්වැටි අල්ලයි

November 17, 2023

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය II හි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පාරමුල්ලගේ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් කැළණි තිස්ස විදුලිබලාගාරයේ ඉදිරිපිට මාර්ගයේදී වැටලීමක් සිදුකර ඇත.

එහි දී රුපියල් මිලියන 1,300 ක වැඩි වෙළදපොළ වටිනාකමක් ඇති රජයේ රූපමය අවවාද සටහන් කර නොමැති තිරුබදු නොගෙවා නීති විරෝධි ලෙස මෙරටට අනායනය කරන ලද SHAMLAN වර්ගයේ දුම්වැටි 10,420,000 (එක්කොටි හරලක්ෂ විසිදාහක්) සහ මෙම දුම්වැටි තොගය ප්‍රවාහනය කිරීමට යොදාගත් අංක WPLY 4822 දරණ කෙන්ටේනර් රථය හා එහි LX 2929 දරණ ටෙලර් කොටස / mscu 9471625 දරණ දුම්වැටි ගබඩා කර තිබු බහාලුම සමග මාකොළ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 65ක් වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

t

o

p