පරිසර හිතකාමී විද්‍යුත් විදුලි බිල්පත තවත් ප්‍රදේශ කිහිපයක ප්‍රචලිත කරයි

November 15, 2023

ලංකා විදුලිබල මණ්ඩලයේ පරිසර හිතකාමී විද්‍යුත් බිල්පත් ක්‍රමය ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙළ යටතේ තවත් ප්‍රදේශය කිහිපයක් වෙත එම බිල්පත් ක්‍රමය හඳුන්වා දීමට එම මණ්ඩලය තීරණය කර ඇත.

ඒ අනුව දෙහිවල කැලණිය ශ්‍රී ජයවර්ධනපුර මාතර සහ අම්බලන්ගොඩ යන ප්‍රදේශවල විදුලි පාරිභෝගිකයන් වෙත විද්‍යුත් බිල්පත් ලබාදීමට කටයුතු කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා පැවසීය. එකී බිල්පත් ඩිජිටල් ආකෘතියෙන් කෙටි පණිවිඩ හෝ විද්‍යුත් තැපෑලෙන් යොමු කෙරෙනු ඇති බවත් හෙතෙම කීවේය.

විද්‍යුත් බිල්පත් පහසු සේවාව සඳහා කඩිනමින් ලියාපදිංචි වන මෙන් සියලු‍ පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින බවත් කෙටි පණිවිඩ මාර්ගයෙන් ලියාපදිංචි වීමට REG<හිස්තැනක්> ඔබේ A/C අංකය ටයිප් කර 1987ට යොමු කළ හැකි බවත් කී හෙතෙම මාර්ගගතව ලියාපදිංචි වීමට http://ebill.ceb.lk වෙත පිවිස උපදෙස් අනුගමනය කරන ලෙස ඉල්ලා සිටී.

t

o

p