අයවැය දෙවැනි වර කියවීමේ විවාදය අද(14)

November 14, 2023

2024 අයවැය දෙවන වර කියවීමේ විවාදය අද (14) ආරම්භ වේ.

ඒ අනුව පාර්ලිමේන්තුව අද (14) උදෑසන 9.30ට රැස්වීමට නියමිතය.

අයවැය පිළිබඳ දෙවනවර කියවීමේ විවාදය අද සිට නොවැම්බර් 21 දක්වා දින 7ක කාලයක් පැවැත්වෙනු ඇති.

ඉන් පසුව අයවැය දෙවනවර කියවීමට අදාළ ඡන්ද විමසීම ලබන 21 වැනි දා පස්වරු 5.30ට සිදුකිරීමට නියමිතයි.

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය හෙවත් අයවැය පිළිබඳ තෙවනවර කියවීමේ විවාදය නොවැම්බර් 23 වන බදාදා ආරම්භ වේ.

තුන්වන වර කියවීමේ විවාදය දෙසැම්බර් 13 වැනි දා දක්වා පැවැත්වෙනු ඇති.

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට අදාළ ඡන්ද විමසීම දෙසැම්බර් 13 වැනි දා පස්වරු 5.30ට පැවැත්වීමට නියමිතයි.

අයවැය විවාදය පවත්වන වකවානුව තුළ සියලු පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුවෙහි රැඳී සිටීම අත්‍යවශ්‍ය බවත් එම කාල සීමාවේදී පාර්ලිමේන්තුවෙහි රැඳී සිටීමට හැකිවන පරිදි බාහිර වැඩ යොදා නොගන්නා ගන්නා ලෙස ද සියලු මැති ඇමැතිවරුන්ට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය විසින් දැනුම් දී ඇත.

t

o

p