බ්‍රිතාන්‍යයේ හිටපු ප්‍රබල අග්‍රාමාත්‍යවරයෙකුට විදේශ ලේකම් ධුරය හිමිවෙයි

November 14, 2023

බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වූ ඩේවිඩ් කැමරන් ව එරට නව විදේශ ලේකම් තනතුරට පත් කර තිබේ.

මෙම පත් කිරීම එරට වත්මන් අග්‍රාමාත්‍ය රිෂී සුනක් විසිනුයි සිදු කරනු ලැබ ඇත්තේ.

මෙලෙස හිටපු අග්‍රාමාත්‍යවරයෙකුට විදේශ ලේකම් තනතුරක් හිමි වීම එරට දේශපාලනයේ මෙන් ම විදෙස් රටවල ද දැඩි කතාබහක් මතු කර ඇති බවයි වාර්තා වෙයි.

ඩේවිඩ් කැමරන් මේ වනවිට 57 හැවිරිදි වියෙහි පසුවන අතර ඔහු 2010 -2016 තෙක් කාලයේ බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන ලදි.

t

o

p