පරමාණු බලශක්ති ආයතනයේ නියෝජිතයින් පිරිසක් ලංකාවට

November 13, 2023

මෙරට න්‍යෂ්ටික බලශක්ති නීතිය සකස්කළ යුතු ආකාරය පිළිබඳව උපදෙස් ලබාදීම සඳහා අන්තර්ජාතික පරමාණු බලශක්ති ආයතනයේ නියොජිතයින් පිරිසක් මෙරටට පැමිණ තිබේ.

ශ්‍රී ලංකා පරමාණු බලශක්ති මණ්ඩලයේ සභාපති මහාචාර්ය එස්. ආර්. ඩී. රෝසා මහතා පවසන්නේ, ඔවුන් ශ්‍රී ලංකාවේ නව තාක්ෂණික බලශක්ති නීතිය කෙටුම්පත් කිරීම සඳහා සහය දක්වනු ඇති බවයි.

රුසියානු රාජ්‍ය පරමාණුක බලශක්ති සංස්ථාව හෙවත් ROSATOM (රොස්ආතම්) ආයතනය විසින් ශ්‍රී ලංකාව ද හවුල් කරගනිමින් මෙගාවොට් 300 ක ධාරිතාවකින් යුත් න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට යෝජනා වී ඇති බව වාර්තාවුණේ පසුගිය ජුනි මස 16 වැනිදායි.

සාන්ත පීටස්බර්ග් ජාත්‍යන්තර ආර්ථික සමුළුව අමතමින් රුසියානු රාජ්‍ය පරමාණුක බලශක්ති සංස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරී ඇලෙක්ස් ලිඛචේෆ් මහතා පැවැසුවේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් සමග එක්ව න්‍යෂ්ටික බලාගාර ඉදිකිරීම සඳහා මේ වසරේ සිය ආයතනය සමග නීත්‍යනුකූලව ගිවිසුම්වලට එළඹීමට අවශ්‍ය බවයි.

t

o

p