ඉදිරි පැය 24 අවදානම්

November 13, 2023

අද (13) දිනයේ තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ සහ නැගෙනහිර පළාත්වලත් කුරුණෑගල, පොළොන්නරුව දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මි. මී.100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

තවද දිවයින ආශ්‍රිතව පවතින වැසි තත්ත්වය තවදුරටත් ඉදිරි දිනවල බලාපොරොත්තු වන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

තද වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙයි.

t

o

p