ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සුළු භූ කම්පනයක්

November 12, 2023

ත්‍රිකුණාමලය ප්‍රදේශයට සුළු භූ කම්පනයක් සිදුව ඇති බවට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි.

එම ආයතනය වැඩිදුරටත් සඳහන් කරන්නේ එම භූ කම්පනයේ අගය රික්ටර් මාපකයේ 3.4ක් ගෙන ඇති බවයි.

අද දහවල් 1.15ට පමණ මෙම භූ කම්පන තත්ත්වය වාර්තා වී තිබෙන අතර එය ත්‍රිකුණාමලය මොරවැව ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බවට වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙයි.

t

o

p