ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළට

November 12, 2023

කොළඹ මහනගරසභා සීමාව, ගම්පහ, කළුතර, මහනුවර, රත්නපුර, කෑගල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල දෛනික ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක් වාර්තා වේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, වෛද්‍ය නලින් ආරියරත්න මහතා පැවසුවේ අද (12) දින කොළඹ, ගම්පහ, කළුතර යන දිස්ත්‍රික්කවල දින 5 ක විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක්ද සංවිධානය කර ඇති බවයි.

මේ දිනවල පවතින වර්ෂාපතනයත් සමග ඉදිරියේදී තවදුරටත් ඩෙංගු අවධානමක් පැවතිය හැකි බවත්, ආරියරත්න මහතා වැඩිදුරටත් පැවසුවේ ය.

ඩෙංගු මර්දන ඒකකය ජනතාවට දැනුම් දෙන්නේ තමන් අවට පවතින මදුරුවන් බෝ විය හැකි ස්ථාන ඉවත් කරන ලෙසයි.

t

o

p