දුම්වැටි ලඟ තබාගෙන වැඩ වරදී

November 12, 2023

විශේෂ කාර්ය බලකාය හපුතලේ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මහනුවර කලාපය භාර කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.ඒන්.එන් ප්‍රනාන්දු මහතාගේ අධික්ෂණය මත සහකාර පොලිස් අධිකාරී ඩබ්.සී.එස්. සිල්වා මහතාගේ අධික්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය හපුතලේ කඳවුරේ දෙවන කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ජී.ඒ.බී. ලලින්ද ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් (11) වන දින ඇල්ල පොලිස් වසමේ ඌව ගෝල්ඩන් ටී ඇල්ල වෙළද ආයතනයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී තීරබදු රහිතව මෙරටට ගෙන්වන ලද රජයේ සෞඛ්‍යය අවවාද සටහන් නොකල BAHMAN වර්ගයේ දුම්වැටි 140 ක් MANCHESTER වර්ගයේ දුම්වැටි 200 සන්තකයේ තබාගෙන සිටි බදුල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 36 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඇල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

t

o

p