ක්‍රිකට් ඉතිහාසයේ පන්දුවට පහර දීමට සූදානම් වීමට පමා වීම හේතුවෙන් දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස නම් කළ පළමු ක්‍රීඩකයා බවට ඇන්ජලෝ මැතිව්ස් පත් විය.
අන්තර්ජාතික ක්‍රිකට් නීතියට අනුව ලෝක කුසලාන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක කඩුල්ලක් බිඳවැටීමෙන් පසුව ඊළඟ පිතිකරු විනාඩි දෙකක් තුළ පන්දුවට පහර දිය යුතුය.
එම නීතිය උල්ලංඝණය වූ හෙයින් ඇන්ජලෝ මැතිව්ස් කිසිදු පන්දුවකට ක්‍රීඩා නොකර දැවී ගිය ක්‍රීඩකයෙකු බවට සංඥා කෙරිණි.
බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 4ක් බිඳ වැටී තිබියදී, ඇන්ජලෝ මැතිව්ස් පිටියට පිවිසියේ ය.
එහිදී, ඔහු රැගෙන ආ හිස් ආවරණයේ යම් දෝෂයක් හේතුවෙන් වෙනත් හිස් ආවරණයක් ගැනීමට යම් කාලයක් ගත වූ අතර ඒ අනුව ඔහු පන්දුවට පහර දීම ප්‍රමාද විය.