ජාතික උරුමයන් සුරැකීම උදෙසා කඩිනමින් ක්‍රියාත්මක වීමට වැඩ පිළිවෙලක් අවශ්‍යයි

November 1, 2023

ශ්‍රී ලංකවේ ජාතික උරුමයන් සුරැකීම උදෙසා කඩිනමින් ක්‍රියාත්මක වීමට වැඩපිළිවෙළක් අවශ්‍ය බව මහා සංඝරත්නය ඇතුළු පුරාවිද්‍යා ක්‍ෂේත්‍රයේ ස්වෙච්ජා සංවිධානවල ප්‍රධානීන් ජාතික උරුමයන් සුරැකීම උදෙසා ක්‍රියාත්මක වීම පිණිස වන පාර්ලිමේන්තු සංසදය හමුවේ කියා සිටියි.

පාර්ලිමේන්තු සන්නිවේදන පියස නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ; මෙරට ජාතික උරුමයන් සුරැකීම වෙනුවෙන් සැකසූ වාර්තා යටපත් කර ඇති බවට මෙම සාකච්ඡාවට එක්වෙමින් මහාචාර්ය පුජ්‍යපාද ඉඳුරාගාරේ ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ පැවසූ බවයි.

එමෙන්ම මෙතෙක් ලෝක උරුම ලෙස ශ්‍රී ලංකාව තුළ ස්ථාන ප්‍රකාශයට පත් කළත් ජාතික උරුම ලෙස මෙරට කිසිවක් ප්‍රකාශයට පත්කර නොමැති බවත් මෙහිදී අවධානය යොමු කෙරුණ කරුණක්.

ජාතික උරුමයන් සුරැකීම වෙනුවෙන් ජාතික උරුම කළමනාකරණ පනතක් සකස් විය යුතු බවටයි ස්වෙච්ජා සංවිධාන ප්‍රධානීන් පාර්ලිමේන්තු සංසදය හමුවේ අවධාරණය කරයි.

t

o

p