මහනුවර නගරයේ අවදානම් ගස් ඉවතට

October 31, 2023

මහනුවර වැව රවුම ඇතුළුව නගරයේ අනාරක්‍ෂිත ගස් හා අතු ඉවත් කිරීම මහනුවර මහ නගර සභාවේ මැදිහත්වීම මත ආරම්භ කර ඇත.

මහනුවර නගරය මෙන්ම දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන බල ප්‍රදේශවල අවදානම් ගස් ඉවත් කරන ලෙසට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් , දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී කළ දැනුම්දීම අනුව මෙම ඉවත් කිරීම් සිදුකරයි.

මහනුවර නගරයේ අවදානම් සහිත ගස් හා දිරාපත් වූ අතු රැසක් පවතින බැවින් ඊට කඩිනම් පියවර ගන්නා ලෙසද ආණ්ඩුකාරවරයා කමිටුවට දැනුම් දී තිබේ.

t

o

p