අයහපත් කාලගුණය හේතුවෙන් මෙරටට එමින් තිබූ ගුවන් යානා ඉන්දියාවට ගොඩබස්වයි

October 30, 2023

ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යනා දෙකක් අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉන්දියාවේ ත්‍රිවැන්ද්‍රම් ගුවන්තොටුපළට ගොඩබස්වා තිබේ.

මෙයින් පළමු ගුවන් යානය මාලදිවයිනේ සිට අද සවස 06.25 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 111 දරන ගුවන් යානයයි.

අනෙක් ගුවන් යානය වූයේ අද සවස 06.30 ට ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 365 දරන ගුවන් යානයයි.

t

o

p