දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හෙට (30) සහ අනිද්දා (31) දෙදින තුළ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළේ වෘත්තීය ගැටළු කිහිපයක් මුල්කර ගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹෙන බවයි.
මේ අතර, රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය අද (29) දිනයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් සඳහන් කළේ රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි කිරීමක් ඉල්ලා තමන් ද උද්ඝෝෂණවලට සහාය පළ කරන බවයි.