ආදායම වැඩි කරගන්න සුරාබදු දෙපාර්තමේන්තුවෙන් සැලසුමක්

October 29, 2023

දිවයින පුරා ක්‍රියාත්මක වන සුරාබදු බලපත්‍ර ක්‍රමය සංශෝදනය කිරීමේ කටයුතු මේ දිනවල සිදු වන බව සුරා බදු දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ මහතා අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ සුරාබදු බලපත්‍රවල අක්‍රමික පිහිටීම හමුවේ නගරාසන්න ප්‍රදේශවල විශාල බලපත්‍ර ප්‍රමාණයක් ක්‍රියාත්මකව පැවතීම මෙන්ම ඇතැම් දිස්ත්‍රික්කවල කිලෝමීටර් 30 – 40 දුරින් සුරා සැල් ස්ථාපිතව පැවතීම හේතුවෙන් එම අවිධිමත්භාවය ඉවත් කිරීමට ප්‍රධාන වශයෙන්ම මෙම කටයුතු සිදු කරන බවයි.

සංචාරක පහසුකම් සපයන ස්ථානවලට බලපත්‍ර ලබාදීම වේගවත් කිරීමක් සිදු වන බව ද ඔහු ප්‍රකාශ කරන ලදි.

සුරා නිෂ්පාදන බලපත්‍ර ඇතුළුව විශාල ඉල්ලුමක් ඇති බලපත්‍රවල ගාස්තුව ඉහළ නැංවීම තුළින් ආදායම වැඩි කර ගැනීමට බලාපොරොත්තු වන බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

t

o

p