රිදීමාලියද්ද ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් නාගදීප ව්‍යාපාරයේ මහ කන්නයට පෙර අතුරු කන්නයක් ලෙස අක්කර 250ක මුං සහ උදු භෝගය වගා කිරිමට පියවර ගත් බව රිදීමාලියද්ද ප්‍රාදේශිය ලේකම් ඩි.ඩි.එස් තක්ෂිලා ගුණරත්න මහත්මිය පවසයි.
මේ යටතේ නාගදීප ව්‍යාපරයේ ගොවීන් 600ක් පමණ දැනට මෙම අතුරු කන්න සදහා මුං සහ උදු බෝගය වගාකිරිමට තෝරාගෙන ඇති අතර මුං සහ උදු බීජ ගොවින්ට බේදා දීම රිදීමාලියද්ද ප්‍රාදේශිය ලේකම් ඩි.ඩි.එස් තක්ෂිලා ගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා නාගදීප ගොවිජන සේවා මධ්‍යස්ථානයේදි සිදුවිය.
කෘෂිකර්ම දේපාර්කුමේන්තුවේ පුර්ණ අධික්ෂණය සහ උපදෙස් මත සිදුකරන මෙම ව්‍යාපෘතිය සදහා කෘෂිකර්ම අමාත්‍යංශයේ ග්‍රාමිය ආර්ථික අංශය මගින් රුපියල් ලක්ෂ 388800ක මුදලක් වැය කර ඇත.
බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ අන්තර් පළාත් කෘෂිකර්ම දෙපාර්තුමෙන්තුව සහ රිදිමාලියද්ද ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඒක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.
නාගදීප ව්‍යාපාරයේ ජලය ඉතා අඩු බැවින් ඉතා අඩු ජල ප්‍රමාණයකින් මුං සහ උදු බෝග වගාකිරිමට හැකියාව ඇති බවත් ජලය කළමනාකරණය කරමින් අතුරු කන්නක් ලෙස මේ ව්‍යාපෘතිය නාගදීප ව්‍යාපාරයේ ගොවින්ට හදුන්වා දුන් බව රිදීමාලියද්ද ප්රාදේශිලය ලේකම්වරිය පැවසිය.
මෙම අවස්ථාවට නාගදීප ගොවිජන සේවා සංවර්ධණ නිළධාරි යු.එස් නදීකා ඇතුළු රාජ්‍ය නිළධාරින් පිරිසක් ද සහභාගි වුහ.